දෙවන වර්ගයේ දියවැඩියාව

බොහෝ දෙනෙකුට ඔවුන්ගේ දෙවෙනි වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම සඳහා ඖෂධ අවශ්‍ය වේ. සෞඛ්‍ය ගැටළු වලින් වැලකි සිටීමට, ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය හැකි පමණ සාමාන්‍ය මට්ටමක තබා ගැනීම සඳහා ඖෂධ උපකාරී වේ. ඔබගේ ජීවිතයේ ඉදිරි කාලය තුල ඖෂධ ලබාගැනීමට ඔබට සිදුවේ. සාමාන්‍යයෙන් දියවැඩියාව කාලයත් සමඟ නරක අතට හැරේ. එබැවින් ඔබගේ ඖෂධ හෝ ලබා ගන්නා මාත්‍රාව වෙනස් කල යුතු විය හැක. ඔබගේ අහාර රටාව වෙනස් කිරීම සහ ක්‍රියාශීලී වීමත් ඔබගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම සඳහා අවශ්‍ය වේ.

ඔබට ගැලපෙන ඖෂධ ලබා ගැනීම

දියවැඩියාව සඳහා ලබා දෙන ඖෂධ ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීම සඳහා උපකාරී වේ. වැදගත් දෙවෙනි වර්ගයේ දියවැඩියාව සඳහා විවිධ වර්ගයේ බෙහෙත් වර්ග තිබේ. ඔබට සුදුසු ඖෂධ හා මාත්‍රාව සොයා ගැනීම සඳහා ඔබට යම් කාලයක් ගත කිරීමට සිදුවිය හැක. ඔබට සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් ( metformin) නැමති ඖෂධය පළමුවෙන් ලබා දෙනු ඇත. ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය මාස තුනක් ඇතුලත අඩු වුවේ නැතිනම් ඔබට වෙනත් ඖෂධ අවශ්‍ය විය හැක. කාලයත් සමඟ ඔබට ඖෂධ සංයෝග අවශ්‍ය විය හැකිය. ඔබේ වෛද්‍යවරයා හෝ දියවැඩියාව හෙද හෙදියන් ඔබට වඩාත් ගැලපෙන ඖෂධ නිර්දේශ කරනු ඇත. මුල අවූරුදු තුල බොහෝ විට දෙවෙනි වර්ගයේ දියවැඩියාව සඳහා ඉන්සියුලින් (insulin) භාවිතා නොකෙරේ. වෙනත් ඖෂධ තවදුරටත් වැඩ නොකරන විට එය අවශ්‍ය වේ.

ඔබගේ ඖෂධ ලබා ගැනීම

ඔබගේ වෛද්‍යවරයා හෝ හෙද නිලධාරී විසින් ඔබ ඖෂධ ලබා ගත යුතු පිළිවෙල සහ බෙහෙත් ගබඩා කිරීමේ පිළිවෙල පැහැදිලි කරනු ඇත. ඔබට ඉන්සියුලින් (insulin) හෝ ග්ලිප්ටින්ස් (gliptins) යන ඖෂධ එන්නත් කල යුතු වේ නම් එය කල යුත්තේ කෙසේද යන්න ඔවුන් ඔබට පෙන්නා දෙනු ලැබේ.

අතුරු ආබාධ

ඔබේ දියවැඩියා ඖෂධ වලින් අතුරු ආබාධ ඇති විය හැක. මේවාට ඇතුළත් වන්නේ:

  • බඩ පිපීම සහ පාචනය
  • බර අඩු වීම හෝ බර වැඩි වීම
  • ඔක්කාරය
  • වළලුකර ඉදිමීම

සෑම කෙනෙකුටම අතුරු ආබාධ ඇති නොවේ. ඖෂධ ලබා ගැනීමෙන් පසු ඔබට අසනීප ගතියක් දැනෙනවා නම් හෝ අතුරු අබාධයක් ඇති වුනි නම් ඔබගේ වෛද්‍යවරයා හෝ හෙදනිලධරී ව හමුවන්න. වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ගැනීම නවත්වන්න එපා.

දියවැඩියා ඖෂධ සමඟ ගමන් බිමන් යාම

ඔබ නිවාඩුවක් ගත කිරීමට යන්නේ නම්:

  • අමතර ඖෂධ අසුරා ගන්න.- කොතරම් අමතර ඖෂධ අසුරා ගත යුතු දැයි දියවැඩියාව පිලිබඳ හෙද නිලධාරී සමග කතා කරන්න
  • අතේ ගෙන යන බෑගයට ඔබගේ ඖෂධ ඇසුර ගන්න.- අනිත් බෑගයන් සමහර විට නැති විය හැකි නිසා හෝ කැඩිය හැකි නිසා
  • ඔබ එන්නත් කරන ඖෂධයක් සමඟ ඔබ ගුවන් ගමන් යන විට දියවැඩියාවට ප්‍රතිකාර කිරීමට එය අවශ්‍ය බවට ඔබගේ වෛද්‍යවරයා ගෙන් ලිපියක් ලබා ගන්න